කල්ලි ගැසී අපරාධ සිදුකළ ‘ආවා’ ප්‍රධානියා ඇතුළු 6 ක් අත්අඩංගුවට

Spread the love

යාපනයේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විවිධ අපරාධ සිදුකළ “ආවා” කල්ලියේ ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්“ නැමති මෙම ‘ආවා’ කණ්ඩායමේ ප්‍රධානියා පසුගිය දා යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

විනෝද්, මනෝජ් හා සිවසුභ්‍රමනියම් යන සැකකරුවන් තිදෙනා පිටකොටුව බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර එක් අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හා අනෙක් දෙදෙනා අද(07) උදෑසන යාපනය ප්‍රදේශයේ දී මෙලෙස හසුවී ඇත.

මීට අමතරව මොවුන් සතුව තිබූ කඩු දෙකක් හා යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RSL

Related Posts