කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!
- RSL
- November 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Joint Opposition, JVP, karu jayasuriya, TNA, UNF, UNP
- 0 Comments
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා පාලු ගෙයි වලං බිඳීම අවසන් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයද එහි නොනිල නායක සුමන්තිරන්ගේ නායකත්වයෙන් එජාපෙ මෙහෙයවනු දක්නට ලැබිණ.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකසන රැස්වීමට අද ආණ්ඩු පක්ෂයට ආරාධනා කර නොතිබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ කිහිලි කරුවක් වී ඇති කථානායක කරූ ජයසුරියගේ ඒකාධිපති මෙන්ම පක්ෂග්‍රාහී හැසිරීම නිසා අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් පැය දෙකක් පමණ කථා පැවත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කරූ ජයසුරිය විසින් කල් තබා ඇත.

