පැනමා රාජ්යේ මොසැක් ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත.
ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි අන්තර් ගතව ඇත.
පසුගිය සමයේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් අවි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නමද ඇතුළුව පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම්ද සඳහන්වී ඇති අතර සමාගම් තුනක විස්තර සහ අතරමැදියන් බව කියන හත් දෙනකුගේ නම් සහ 53ක ලිපින සහිත තොරතුරුද එහි ඇතුළත් වේ.