රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළ බව වාර්තාවේ.
ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
ඊයේ (13) දිනයේ ඔසඳ යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ අතර ඉකුත් 2016 වසරේ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.
Loading...