
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබේ. ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ.
එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව , මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර ශිෂ්‍යාව, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා ශිෂ්‍යාව, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් ශිෂ්‍යා මෙලෙස පළමු ස්ථාන හය හිමිකරගෙන තිබේ.
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේදී නිකුත් කෙරිණි.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හයලක්ෂ 88,573 දෙනෙකු පෙනී සිටියේය. කෙසේවෙතත් අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර නීවේදනය කළේය. මෙවර විභාග ප්‍රතිඵල වලට අනුව සියයට 73.5ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිසුන් 9960 දෙනෙකු A සාමාර්ථ ලබාගෙන තිබේ.
2016 වසරේදී A සාමාර්ථ 09ක් ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාව 8224ක් බව සඳහන්ය. මෙවර සියයට 67.24ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව ඇති අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 4.43ක වැඩිවීමක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2016 වසරේදී ගණිතය සමත් ප්‍රතිශතය සියයට 62.81ක් වේ.
මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව 0112 78 42 08 / 0112 78 45 37 / 0113 188 350 හෝ 0113 140 314 යන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා පතිඵල ශාඛාව ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.