වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුවෙන් අලුත්ම දරුණු පනතක්!
- RSL
- April 4, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Opposition Leader Mahinda Rajapaksa, Strike
- 0 Comments
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරීස් මහතා විසින් මෙම පනත අහෝසි කර සාමාන්‍ය නීතියට අන්තර්ග්රහනය කිරීමේදී මාධ්‍යවේදීන්, වෘත්තිය සමිති හා ශිෂ්‍ය අයිතීන් දිනාගැනීමට කරන විරෝධතාවයන්හිදී මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාක ගැන දීර්ඝ විස්තරයක් මාධ්‍ය ප්‍රධානීන්ට ඉදිරිපත් කළ අතර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග, ශිෂ්‍ය අරගල, නීති විරෝධි ක්‍රියාවක් වනවා පමණක් නොව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ගැනෙන බවද, එයට දඬුවම් ලෙස බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමකට යටත්වීමටද සිදුවන බව මෙහිදී පෙන්වා දුන්නේය.
මෙමගින් වෘත්තීය අයිතීන් දිනා ගැනීමට ගන්නා වු ක්‍රියා මාර්ග වැලැක්වීමට විෂයභාර අමාත්‍යවරයාට හැකිවන අතර මෙවැනි පනත් ඉතිහාසයේ කිසිම දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද සඳහන් කළේය.
එමෙන්ම, මාධ්‍යවේදීන්ට මෙමගින් කිසිම ප්‍රදේශයකට ඇතුළුවීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම තහනම් කිරීම මෙන්ම ගවේෂනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඇති අයිතියද මෙම පනතින් ඇහිරී ඇති බව පෙන්වා දුන්නේය.
මෙම පනත මගින් පොලිසිය වෙත අසීමිත බලතල ලබා දීම තුලින් මෙම පනත සම්මත වුවහොත් ඉදියේදී පොලිස් රාජ්‍යක් බිහිවන බවද පැවසීය.
මෙවැනි පනත් මෙම රජය සිකුරාදා දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එම නිසා මෙහි ඇති වගන්ති අධ්‍යනය කර විරෝධතාවයක් ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාම සඳහා ලබා දී ඇති දින 07ක කාලසීමාව ප්‍රමානවත් නොවන බවත් ඉදිරියේදී බිහිවන තම රජයකින් එම කාලසීමාව වෙනස් කිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව ජනතාවගේ තිබෙන විරෝධතාවය රජයට පෙන්වා දීමට කටයුතු කිරීම මාධ්‍ය අංශවල වගකීම බවද ඉදිරියේදී දේශපාලන පක්ෂ සමඟ මෙම පනත ගැන සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තුවන බවද පැවසීය.

