
ශ‍්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත් වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පවත්වනවා. පාරවල් හදන්න, ජලය ඉල්ලන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, නිවාස පහසුකම් ලබාගන්න, ලංකාව පුරාම මහජනයා පාරට බැහැලා විරෝධතා කරනවා. එහෙත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා පවත්වලා ආණ්ඩුවට හෝ පළාත් සභාවට බලපෑම් නොකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදි් පැවති රැුස්වීමකදී පැවසීය.
මුලතිව් සංවර්ධන කමිටු සාමාජිකයින් සමඟ යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවති රැුස්වීමේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසූ අතර මෙම රැුස්වීමට පැමිණි මුලතිව් සංවර්ධන කමිටුවේ නියෝජිත අන්තෝනි කෲස් මහතා මෙහිදී හැඩු කඳුලින් මෙසේ පැවසීය.
උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක වලින් දුප්පත්ම හා අසංවර්ධිත දිස්ත‍්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත‍්‍රික්කයයි. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් හොයන්න බලන්න කිසිම ද්‍රවිඩ දේශපාලඥයෙක් එන්නේ නැහැ. මුලතිව් නන්දිකඩාල් වලට උතුරේ දේශපාලඥයින් එන්නේ පහන් පත්තු කරන්න විතරයි. උතුරේ දේශපාලඥයින් ප‍්‍රදේශය සංවර්ධනය වෙනවාට අකමැතියි. ප‍්‍රදේශය සංවර්ධනය වුනාම උතුරේ දේශපාලඥයින්ට ජාතිවාදය පතුරවන්න බැහැ” යැයි මෙහිදී අන්තේනි කෲස් මහතා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.
“උතුරේ ධීවර විශ්ව විද්‍යාලයක් හදනවානම් සුදුසුම ස්ථානය මුලතිව් ප‍්‍රදේශයයි. මුලතිව් නගරයේ ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටිය සඳහා අවශ්‍ය සියලූම සැලසුම් නිර්මාණය කර තිබුණත් අදවන විට එය අතරමඟ නතර වී තිබෙනවා. ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ මා කඩිනමින් සාකච්ඡුා කර විසඳුම් ලබාදෙන බවට අද මෙහිදී මා පොරොන්දු වෙනවා. මුලතිව් දිස්ත‍්‍රික්කය හා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය යා කෙරෙන කෝකිලායි කලපුව මතින් ඉදිකිරීමට යෝජිත පාලම කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සකස් වෙමින් තිබෙනවා.
දකුණේ බොහෝ නිලධාරීන් හා වෛද්‍යවරුන් මුලතිව් වල සේවයට එන්න බලවත් ලෙස අකමැත්ත පල කරන්නේ දිස්ත‍්‍රික්කයේ පවතින අඩුපාඩුකම්, පහසුකම් නොමැති වීම නිසා බව සොයා බැලීමේදී මා හට අවබෝධ වුණා. මුලතිව් රෝහලේ පවතින අඩුපාඩුකම් පිළිබඳවද මෙහිදී සඳහන් කළා. මා ඒ පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට මා මුලතිව් ප‍්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ ඔබ සියලූ දෙනාගේම පැමිණීම හා සහයෝගය අපේක්ෂා කරනවා. මා උතුරු පළාතේ ජනතා සේවකයෙක් මිස ආණ්ඩුකාරවරයා නොවන බවද ඔබ සැම මතක තබා ගත යුතු යැයි මා මෙහිදී සිහිපත් කරනවා.”
මෙහිදී මුලතිව් සංවර්ධන කමිටුවේ සභාපති, ලේකම් මෙන්ම පැමිණි නියෝජිතයින් බොහෝ දෙනෙකු පැය දෙකකට ආසන්න කාලයක් තම ප‍්‍රදේශයේ අඩුපාඩු පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාව දැනුවත් කළහ.