ආචාර්ය නිහාල්සිංහ දිවිකතරින් සමුගිනියි!
- RSL
- April 22, 2016
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් සිංහල සිනමාවේ යුගකාරක පුරුෂයෙකි. එතුමෝ ඊයේ (21) තම ජීවනසැරිය නිම කළ බව දැනගන්නට ලැබේ. මෙරට පුරෝගාමී පුවත්පත් කලාවේදියෙක් වූ ඩී.බී. ධනපාලයන්ගේ පුත්‍රයෙක් වූ නිහාල්සිංහ මහතා, සිනමා පුළුල් තිරයේ පළමු චිත්‍රපටය වූ වැලිකතර නිර්මාණය කළේ ය. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා විය. චිත්‍රපට සංස්ථාවේ මුල් ම සාමාන්‍යධිකාරිවරයා ද වූ ඒ මහතා මියයන විට 77 වැනි වියේ පසු විය.
නිහාල්සිංහයන්ගේ අභාවය පිළිබඳ ව රීඩ් ශ්‍රී ලංකා ශෝකය මෙසේ පළ කරමු.
