අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් පිළබඳ ගැසට් එක නිකුත් වෙද්දී, කැබිනට් – රාජ්‍ය ඇමති ගැටුම් ඇරඹෙයි

Spread the love

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමත් සමඟම වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇරඹී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

කැබිනට් අමාත්‍යවරුන් තමන්ට පහසුකම් හා බලතල ලබා නොදෙන බවට රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙක්ම මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් යනු නාමික පත්වීම් පමණක් බව පසුගිය ආණ්ඩු කිහිපයකම රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන් මැසිවිලි නැගීමට පටන් ගත් අතර තමන්ට ඉහළින් සිටින කැබිනට් ඇමතිරුවන් සියලු බලතල තනිවම භාවිතා කරන බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

කෙසේ නමුත් නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් අවස්ථවේදී ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙතෙක් කලක් පැවැති මේ සම්ප්‍රදායට තිත තියමින් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් වැඩ කිරීමට අවස්තාව උදාකර දෙන ලෙසයි.

මෙවන් පසුබිමක් තුළ අමාත්‍යංශ ගණනාවක් භාරව ඇති ඇතැම් ඇමතිවරුන් අදාල අමාත්‍යංශය කිහිපයේම කාර්ය මණඩල පහසුකම්, වාහන, නිළ කාර්යාල ඇතුළු දේපළ තනිව භුක්ති විඳින බවටද චෝදනා එල්ල වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

RSL

Related Posts