තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද ජනපති ප්‍රධානත්වයෙන්

Spread the love

තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වේ. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය “එක් වෙමු – නැගිටිමු, අටුකොටු පුරවමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් ආරම්භ කිරිම මෙමගින් සිදු වන බවයි. අද සිට ලබන 12 වන දින දක්වා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය ක්‍රියාත්මක වේ.

එහි පළමු දිනය වන අද ගොවි දිනය ලෙස නම් කර තිබේ.

ඒ අනුව ලබන 6 වන දා ගොවි දිනය ලෙසත්, ලබන 7 වන දා සිසු දිනය ලෙසත්, ලබන 08 වන දා පශු සම්පත් දිනය ලෙසත්, ලබන 09 වන දා ව්‍යවසායකත්ව දිනය ලෙසත්, ලබන 10 වන දා ධීවර දිනය ලෙසත්, ලබන 11 වන දා රාජ්‍ය සේවක දිනය ලෙසත්, ලබන 12 වන දා දියවර දිනය ලෙසත් නම් කර දිවයින පුරා වැඩසහන් රැසක් සංවිධානය කර තිබෙන අතර ලබන ලබන 14 වන දා උතුරු පළාතේ දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දිවයින පුරා ආහාර නිෂ්පාදන ආදර්ශ ගම්මාන පිහිටුවිමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව එම අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය ප්‍රකාශ කළේය.

RSL

Related Posts