සවිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් වූ ජාතික ආර්ථික සභාව පළමු වරට රැස්වෙයි

Spread the love

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහතවරුන් ඊට සහභාගී වූහ.

දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රමුඛතාවය ලබාදෙමින් රටේ ජාතික ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප‍්‍රමුඛ වගකීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ අවශ්‍ය මූලික කරුණු පිළිබඳව අවශ්‍ය අවස්ථාවන්වලදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම ව්‍යවසායකයින් ද කැඳවා සාකච්ඡුා පවත්වන බව කියා සිටියේය.

විශේෂයෙන්ම දිළිදුකම පිටුදකිමින් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ගතයුතු පියවර කඩිනමින් කි‍්‍රයාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ආර්ථික ප‍්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා ලක් කෙරිණි.

ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එක් එක් අමාත්‍යාංශ සහ ආයතන සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන ප‍්‍රතිපාදන අදාළ සංවර්ධන කාර්යයන් සඳහා වැය නොකර ආපසු මහා භාණ්ඩාගාරය වෙත හරවා එවීමෙන් රටේ සංවර්ධනයට සහ මහජන සුබසාධනයට සිදුවන අසාධාරණය පිළිබඳව ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.


දිස්ති‍්‍රක් මට්ටමින් අදාළ මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගන්නා තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන නිසි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳවද ජනාධිපතිතුමා කරුණු පෙන්වා දුන්නේය.

ග‍්‍රාමීය මට්ටමින් මුල්‍ය සමාගම් හරහා සිදුවන අවිධිමත් ණය නිකුත් කිරීම් හේතුවෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබ`දව ද ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කරනු ලැබීය.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ඝෘජුවම අදාළ උපායමාර්ගික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්ති, ගිවිසුම් හා ව්‍යාපෘති පිළිබඳ උපදෙස් හා මාර්ගපදේශනය සැපයීම ජාතික ආර්ථික සභාවේ විෂය පථයට අයත් වේ.

මෙම ‘ජාතික ආර්ථික සභාව’ පිහිටුවීමට අදාළ යෝජනාව මීට කලකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණද එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇරීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා අතට ගෙන ශක්තිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් මෙම ‘ජාතික ආර්ථික සභාව’ ක්‍රියාත්මක කළ බව සඳහන්.

RSL

Related Posts