හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

Spread the love

Nemsisමුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද?

ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී තිබුණේ මන්ද?

හිරු වැනි ගිනි ගෙන දැවෙන යෝධ ආලෝක ගෝල වලට වඩා වැඩි ගණනක්, රතු වාමන තාරකා විශ්වයා පුරා විසිරී පවතිනවා. ඒවා සාපේක්‍ෂව ප්‍රමාණයෙන් කුඩායි. මහ ආලෝකයක් විහිදුවන්නේ නැහැ. මතුපිට සාපේක්‍ෂව උෂ්ණත්වයෙන් අඩුයි. මේ නිසා රතු වාමන තාරකාවක් නිරීක්‍ෂණය කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි.

හිරුට සොහොයුරියක් සිටිය හැකියයි විද්‍යාඥයන් තුළ සාධාරන සැකයක් පවතින්නේ ඒ නිසයි.

“නෙමෙසීස්“, තවමත් නන්නාඳුනන රතු වාමන තාරකාවියට ඔවුන් දී ඇති නමයි.

ඉතින් හිරුගේ සෙහොයුරිය දුෂ්ට ඇයි?

ඒ ගැන වසර මිලියන 66 කට එපිට මිහිමත රජකළ ඩයිනෝසරයන්ව සහමුලින්ම අතුගාදැමූ මහා සංහාරය අපට දෙස් තියමින් සිටිනවා. විද්‍යාඥයන්ට අනුව සමූහ වඳවීයාමේ මහා සංහාර දොළොසකට පෘථිවිය මේ වන විට මුහුණදී සිටිනවා. මේ වඳවීයාම් වල රටාවක් දක්නට ලැබෙනවා. ඒ අනුව සෑම වසර මිලියන 26 කට වරක් තවමත් අබිරහසක්ව පවතින සමූහ වඳවීයාමේ සංසිද්ධියකට අපේ පෘථිවිය මුහුණ දෙනවා.

නෙමසෙීස් ගැන කල්පිතය පිළිබඳ සොයන්න විද්‍යාඥයන් තුළ උනන්දුවක් ඇතිවන්නේ ඒ අනුවයි. ඉහත තොරතුරු සොයාගනු ලැබුවේ 1984 වසර තරම් මෑත කාලයකයි.

ඉතින් වරින් වර මිහිපිටින් ජීවය අතුගාදැමීමට වකියන්නේ නෙමෙසීස් ද?

පෙනෙනතෙක් මානයක නැති කුඩා සීතල තරුවකට එකරම් විනාශයක් සිදුකළ හැක්කේ කෙසේද?

පිළිතුර වෙනුවෙන් විඳ්‍යාඥයන් සිය අවධානය යොමුකර සිටින්නේ ඌට් වළාකුළ දෙසටයි.

ඌට් වළාකුළ, සෞරග්‍රහ මණ්ඩලයේ ඈතම ඉමෙහි කක්‍ෂගතව ඇති මහා අයිස් පර්වත වල සයනාගාරයක් වැනියි. විටින් විට හිරුගේ ආකර්ෂනයට හසුවී ධූමකේතු ලෙස ලෙස ඇඳී එන්නේ ඌට් වළාකුළෙහි ඇති අයිස් පර්වතයි.

සෑම වසර මිලියන 26 කටම වරක්ම සැඟව සිටින නෙමෙසීස් ඌට් වළාකුළ හරහා ගමනෙහි යෙදෙන බවට විද්‍යාඥයින් දැන් දැන් සැක පහළ කරමින් සිටිනවා. කරණම් කරුවෙකු එකවිට උඩදමමින් කරකවන ගිනිපන්දම් රැසක් අතරට වොලිබෝලයකින් දමාගැසුවේයැයි සිතන්න. ඌට් වලාකුළු හරසා නෙමේසෙිස් ගමන්කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේද එයයි. සීසී කව විසිවන ගිණිපන්දම් වැනිව ඌට් වළාකුළ තුළ නිදිගත් මහා අයිස් පර්වත නෙමෙසීස්ගේ ආගමනය නිසා සිය කක්‍ෂෙයන් විතැන්වනු ඇති. දස දහසක් ධූම කේතු ප්‍රචණ්ඩ වේගයකින් හිරු කරා ඇදී යනු ඇති. විද්‍යාඥයන්ට අනුව වසර මිලියන 26 කට වරක් අපේ අසරණ පෘථිවිය මැදිවන්නේ නෙමෙසීස් ඇතිකරන කලබලයෙන් පණගන්නා වල්ගාතරු වෙඩි වරුසාවටයි.

නෙමෙසීස් ගේ කක්‍ෂය පිළිබඳව තවමත් විද්‍යාඥයින් බොහෝකරුණු උපකල්පනය කරනවා. සාමාන්‍යයෙන් තාරකා යුගල ඒවාට පොදු ලක්‍ෂයක් බටා භ්‍රමණය වනවා. තාරකා යුගලයෙන් එකක් වඩා කුඩා රතු වාමනයෙකු නම් එහි ක්‍ෂය වඩා දීර්ඝ ඉලිප්සාකාර එකක් බවට පත්වනවා. නෙමේසිස් එක් මහා කලබැගෑනියකින් පසු තවත් මහා කලබැගෑනියක් ඇතිකිරීමට වසර මිලියන 26 තරම් කාලයක් ගනු ඇත්තේ මේ දීර්ඝ ක්‍ෂය නිසයි.

නමුත් දෙදහස් එකොළහ වසරේ පටන් නෙමෙසීස් ගැන කරුණු සොයන්නට පිළිපන් පර්යේක්‍ෂක පිරිසක් හෙළිකරගත් තොරතුරු වසර මිළියන 26 අස්වැසිල්ල තවදුරටත් අපට දෙමින් නැහැ. ඔවුනට අනුව නෙමෙසීස් ගේ ගමන්මග මෙතෙක් උපකල්පනය කරන ලද එකට වඩා වෙනස් විය හැකියි. නෙමෙසීස් අපට නොපෙනී අපගේ ආසන්නයෙන්ම මේ දැන් පවා සැරමින් සිටිනවා විය හැකියි. දෙදහස් එකොළහ වසරේ සිට කළ නිරීක්‍ෂණයන් වලින් සෑම වසරකම නිශ්චිත කාලයක පෘථිවියට බලපෑම් ඇතිකරණ අසාමාන්‍ය විකිරණ ක්‍රියාවලියක් හිරු තුළ ඇතිවනවා. ඔවුනට අනුව ලොව පුරා න්‍යෂ්ඨික ආපදා භීතියක් ඇති කළ ෆුකුෂීමා භූචලනය සහ පෘථිවියේ ආනති අංශක ගණන වෙනස් කළ චිලී හි භූචලනය අපට ඒ අසාමාන්‍ය ක්‍රියාවලිය හොඳින් දැනුණු අවස්ථා දෙකක්. ඔවුනට අනුව කිසියම් අබිරහස් ග්‍රහවස්තුවක ආකර්ෂනය හිරුගේ ඇතිකරවන වෙනස් කම් මෙම ක්‍රියලියට හේතුවිය හැකියි. ඒ අනුව ඔවුන් සිතන්නේ සැඟවුනු වාමන තාරුකා සහෝදරිය අප සිතනවාට වඩා නිරන්තරව හිරුගේ අපට නොපෙනෙන පාර්ෂවයෙන් සෞරග්‍රහමණ්ඩලයට සමීපවනවා ඇතිබවයි. හෙළිකරගන ඇති රටාවට අනුව නොහඳුනන නෙමෙසීස්ගේ කල්පිත සමීපවීම සිදුවන්නේ සෑම වසරකම ජනවාරි, පෙබරවාරි, මාර්තු අතර කාලයකයි.

නෙමෙසීස් ගැන සැබෑ තතු තවමත් නොවිසඳුන් අබිරහසක්. නෙමෙසීස් තවමත් විද්‍යාවේ කල්පිතයක්. නමුත් කල් යද්දී සත්‍යයන් බවට පත්ව ස්ථාපිත වන්නේ හෝ මිත්‍යාවන් බවට පත්ව බැහැරවන්නේ විද්‍යාවේ කල්පිත මානනයේ තිබූ කරුණුයි. නෙමෙසීස් ගැන වැඩිමනත් කරුණු සොයන්න පර්යේක්‍ෂක කණ්ඩායම් කිහිපයක්ම ප්‍රබල අධෝරක්ත දුරේක්‍ෂ වලින් අප අවට විශ්වය වඩාත් තියුණුව සෝදිසි කරමින් සිටින්නේ ඒනිසයි.

ඒ අතරවාරයේ, ආකාශය ගිනිගෙන දැවෙන බොහෝ ආලෝක වලින් එකලුවන්නට පටන්ගත් දාක හිරුගේ සොහොයුරිය අප වෙනුවෙන් පැමිණ ඇති බව ප්‍රමාද වැඩිව මුත් අපට අත්දකින්නට ලැබේවි.

අවසාන වශයෙන්, හිරුගේ සැඟවුනු සොහොයුරියට නෙමෙසීස් නම ලැබුණේ ඇයි?

නෙමෙසීස්, පුරාණ ග්‍රීක පුරාවෘතවල එන දඬුවම් සහ විපාක රැගෙන එන දෙවතාවිය ඇයයි. තම රූපය ගැන උවමනාවට වඩා උඩඟුවූ නාසිසස් හට දඬුවම් දුන්නේ ඇයයි. ඉතින් මනසින් උසස් වූවේයැයි කරුණු කියමින් මිනිස්වර්ගයාගේ මහා දියුණුව ගැන පාරම්බාමින් සොබාදහමට එපිටින් යමින් සිටින අප නෙමෙසීස් කෙනෙකු ගැන දැන සිටීම වඩා යෙහෙකි වනු ඇති. මන්දයත් සියළු මින්ස් පුරාවන්හි පැටලී ඇතිවීම, පැවතීම, පැවතීමට ද්‍රෝහීවීම, එයට දඬුවම් ලැබීම සහ දඬුවම රැගෙන එන දූතයා පිළිබඳව පරම්පරා ගණනාවක දැනුම් දාමයක් ලෙස ආ අබිරහස් ජනක සෙවනැල්ලක් සියලු මිනිස් වර්ගයාගේ සිත් වල කොහේ හෝ තැනක සිට කරුණු කියමින් ඇති නිසයි.

අඛිල රන්සිරි මලලගේ

RSL

Related Posts