ඇමති රවී ලොතරැයි නියෝජිතයින්ට මින් පෙර කිසිදා නොලද වෙනසක් පෙන්වයි (Video)

Spread the love

පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි.

ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි ව්‍යසනයට හසුවූ සංවර්ධන ලොතරැයි කුටි වලට පවා එවකට රජය අර්ධ සහනයක් පමණක් ලබාදී තිබුන අතීතයක් වෙනස් කරමින් ලොතරැයි වෙලෙන්දාගෙන් ලබාගන්නා 50% මුදල ලබා නොගෙන එම මුදල් ඔවුන්ගේ පවුල්වල සුභසුද්ධිය උදෙසා යොදවන ලෙස දැන්වූ අමාත්‍යවරයා, මෙම වෙළද කුටි සහ සන්නිවේදන කුටි සදහා මුදල් ලබාගැනීම එකහෙලාම ප්‍රථික්ෂේප කලේය. එම තීරණයත් සමග ලොතරැයි අලෙවිකරුවන් ඉමහත් බලාපොරොත්තු සහිතව සිය අනාගතය පිළිබදව අමාත්‍යවරයා සමග සුහදව කථාකරනු දක්නට ලැබුණි.

එසේම ඔවුන් හට පැනනැගී ඇති ගැටලු පිළිබදවද අමාත්‍යවරයා අලෙවිකරුවන් සමග පුද්ගලිකවම අදහස් හුවමාරුකරගත් අතර, සියලු ලොතරැයි අලෙවිකරුවන් අමතා ඔහු ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේදී වැඩි පහසුකම් සහිත අනර්ඝ සහ අලංකාර වෙළද කුටියක් ලබාදෙන බවත් ඒ සදහා මේවන විට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්ය.

RSL

Related Posts