
වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ.
මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් ඊයේ දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.
2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී පෙරළා ප්‍රශ්න කළ අමාත්‍ය රවී කරුණානායක මහතා අසා සිටියේ, මෙවැනි සිංහල බෞද්ධ රටක ඔවැනි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම වලංගු යැයි සිතනවාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් ප්‍රකාශ කළේ, තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවය.
තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.
ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.