මහින්ද වෙඩි නොවදින, වාහන 8 ක් තියන් තවත් ලොව සුපිරිම අද්විතීය වාහනයක් ගන්න කෝටි 8කට වඩා ආණ්ඩුවෙන් ඉල්ලයි

Spread the love

රටේ ආර්ථිකය කඩා වැටී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණ වරදින් යැයි මාධ්‍ය හමුවේ පාරම්බාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් සිය සුඛ විහරණය සඳහා තවම ලෝක වෙළෙඳපළටවත් හඳුන්වා නොදුන් සමාගම භාරයේ පවතින අති අද්වීතීය අධි සුඛෝපභෝගී වෙඩි නොවඳින කෝටි 4ක් එක්මවා ගිය මෝටර් රථ දෙකක් ලබාදෙන ලෙසට මහින්ද විසින් කිසිඳු ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව රජයෙන් ඉල්ලා ඇත.

මීට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ජනතා විරෝධය හමුවේ ඊයේ හකුළා ගනු ලැබූවද මහින්දගේ දැඩි ඉල්ලීම මත අද සවස යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට වාහන ලබාගැනීමත් රුපියල් ලක්ෂ 400ක් හා රුපියල් ලක්ෂ 429ක් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට ලක්ෂ 199ක් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් ගයන්ත කරුණාතිලක මහතාද සඳහන් කළේ තමන්ට නව වාහනයක් අවශ්‍ය නොවන බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනටත් ආරක්ෂක රථ ඇතුළුව වාහන 08ක් භාවිතා කරන බව වාර්තා වේ.

 ඒ අනුව A 232832 (වෙඩි නොවදින වාහන), Benz, A 233246 (වෙඩි නොවදින වාහන) Benz A, 233364 Dmy Benz, KX-2389 Defender, KX-2431 Defender, KX-5292 Land Cruiser, PF-7307 Cab, CAD-0223 B/P යන සු‍ඛෝපභෝගී වාහන මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස භාවිත කරන අතරතුර රුපියල් ලක්ෂ 400ක් වැය කරමින් තවත් සු‍ඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට රජය විසින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.

එම එක් වාහනයක වටිනාකම කෝටි 20කට වඩා වැඩි බව වාර්තා වේ.

RSL

Related Posts