ඇමති රාජිත ජනපතිට අපහාස කරලා.. (Video)
- RSL
- June 30, 2017
- පුවත් සහ වාර්තා
- news, Rajitha Senarathne, reports
- 0 Comments
පසුගියදා පැවති වෛද්‍ය වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන එය නිමාකරලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදුකළ සාකච්ඡාව ‘හොර සාකච්ඡාවක්’ යැ’යි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය මඟින් ඔහු ජනාධිපතිවරයාට අපහාස කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් ලබාදුන් වේලාව මත ඔහු හමුවී ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ගිය රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ඔවුන් ගෙන ගිය වැඩ වර්ජනය පවා තාවකාලික අත් අතහැර දැමුවේය.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදුකළ එවැනි සාකච්ඡාවක් හොර සාකච්ඡාවක් යැයි පැවසීම තුළ රාජිත අමාත්‍යවරයා තම වියරුව සංසිදිවා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට හිතාමතාම අපහාස කොට ඇති බව පෙනීයයි.