ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අර්බුදයට!

Spread the love

mahinda new 3

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටුකරගෙන සිටින පිරිස අතර අතිබහුතරයක් හොරකම්, වංචා, දූෂණ චෝදනාවන්ට ලක් වූ අය සිටින බව නොරහසකි. මෙහි ප්‍රධාන කසකරුවෙක් වන විමල් වීරවංශ වැන්නෙක් ව්‍යාජ ලේඛන සහ තොරතුරු දීම සම්බන්ධයෙන් කප් ගැසූවෙකි.

කෙසේ වෙතත්, මේ පිරිසගේ උපන්ගෙයි ගතියක් වන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසාවෙන් මැයි රැළිය පවත්වන්නට ස්ථානයක් නැති ව අර්බුදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මොවුන් මේ සඳහා කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනය වෙන්කරගෙන ඇත්තේ, වෘත්තීය සමිති සාකච්ඡාවක් සඳහා යැ යි පවසමිනි. මෙය මැයි රැළියට අදාළව වෙන් කරගත් බව සැලවීමෙන් ක්‍රීඩාංගනය අයිති ගමනා ගමන මණ්ඩලය විසින් එය ලබා නොදෙන්නට තීරණය කර ඇති බව දැනගන්නට ඇත. එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ, පාසල් ළමුන් පරිහරණය කරන ක්‍රීඩාංගනය මැයි රැළි පැවැත්වීමෙන් හානි වන බව යි.

මේ තත්වය මත මහින්ද පිල අර්බුදයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

RSL

Related Posts