විවෘත ආර්ථිකය, සුපිරි ලිබරල් වාදය ගැන කියූ මංගල අද පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කරන්න වාර්තා හදයි
- RSL
- October 17, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Imports, Mangala Samaraweera, Ministry of Finance
- 0 Comments
එදා තරු පහේ ප්‍රජාත්‍රන්තවාදය, ලිබරල් වාදය සහ විවෘත ආර්ථිකය ඇතුළු ජනතාවට ලබාදිය යුතු ගැන සුපිරි නිදහස ගැන එදා මහ ඉහලින් කථා කරමින්, දේශන පැවැත්වූ මංගල සමරවීර අද ඔහු මුදල් අමාත්‍යවරයා වූ පසු මෙතෙක් කිසිඳු මුදල් අමාත්‍යවරයෙකු නොකළ පරිදි ජනතාවට රිසි පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කිරීමට වාර්තා සකසමින් සිටී.
නිසි දැනුමක් හා නොදන්න කම හේතුවෙන් තම මුදල් ඇමතිකමත්, රටේ සමස්ත ආර්ථිකයත් අනාගෙන නාගෙන සිටින මංගල සමරවීර අමාත්‍යවරයා, රුපියලෙන් හෝ ආර්ථිකයෙන් ගොඩ ඒමක් නොමැති තැන කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේත් මේ රටේ ජනතාවත් විශ්වාසය තැබූ ප්‍රතිපත්තීන්ට එකහෙළාම විරුද්ධ ක්‍රියාකාරකම්ය.
මේ හේතුවෙන් මේ වන විට මෙරට ව්‍යාපාරිකයින් සහ එම ව්‍යාපාරවල සේවය කරන සේවකයින්, ඔවුන්ගේ පවුල් සහ සමස්ත ජනතාවගේම ජීවිත අනතුරේ වැටෙමින් තිබේ.
තම අමාත්‍යංශය මඟින් සකස් කළ තෙල් මිල සූත්‍රය ගැන වත්, අදාළ විෂය ගැනවත් හරි හැටි නොදන්න අමාත්‍යවරයා මේ වන විට නොදන්නා කම නිසාම නිලධාරීන් විසින් නටවන රූකඩයක් බවට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

