96 කණ්ඩායමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට පෙරළියක්!

Spread the love

“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරඟාවලිය” තවත් එක් තරඟාවලියක් නොවන බව අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කලේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික පරිහානිය වැළැක්වීම සඳහාද මෙම තරඟාවලිය හරහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි.

“අනාගතයේ එක් දිනෙක නැවත වරක් ලෝක කුසලානය දිනා ගැනීමට නම් රටට ආදරය කරන, මුදල පසුපස නොයන, දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ ප්‍රමුඛතාව දීම වැදගත් වෙනවා. ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ මූලිකතම අරමුණ වන්නේත් එවැනි දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩකයින් සමඟ ප්‍රවීණ, ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, උපදේශකවරුන් සැබෑ ක්‍රීඩා ලෝලීන් එකට එක් කරන වේදිකාවක් නිර්මාණය කිරීම. එයින් අපේ තරුණ පරපුරට ක්‍රීඩා කෞශල්‍යය සහ විනය ගරුකබව මූලික කරගත් උපදෙස් මාලාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

රටක් වශයෙන් ගත් විට අද අපේ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් උවදුරයි. මේ ව්‍යවසනය හේතුවෙන් මතුව ඇති සාරධර්ම විනාශය සහ සංස්කෘතික පරිහානිය අපේ ජාතිය රෝගී – අකර්මණ්‍ය ජාතියක් බවට පත් කරමින් සිටිනවා. එයින් ඇතිවන තර්ජනය තරුණ පෙළට පමණක් නොව මුළුමහත් සමාජයටම පිළිලයක් වී ඇති බවත් දන්නවා. එය සමාජයේ සියලු අංශ වලට පැතිරී ගිය මහා විනාශයක් වීමට පෙර මත් උවදුරට එරෙහිව සටන් කිරීම වැඩිහිටි අපගේ යුතුකමක්. ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලියෙන් ඒ සඳහා යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා.”යි අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලිය හදුන්වා දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. එම මාධ්‍ය සාකච්ඡාව ජාතික පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී (16) ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පළමුවරට හදුන්වා දෙන ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලියට එක් වන්නේ අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයින් සහ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් වේ. දිවයිනේ ප්‍රමුඛ පාසල් 18ක් නියෝජනය කරමින් ඔවුහු ක්‍රීඩා කරති. තරඟාවලියේ සමාරම්භක උළෙල නොවැම්බර් මස 02වැනිදා සවස 06.30ට කෝලට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන එහි මූලික වටයේ තරඟ පැවැත්වෙන්නේ නොවැම්බර් 3, 4, 10, 11 යන දිනයන්හිදී බී.ආර්.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදීය. අර්ධ අවසන් පූර්ව තරඟ නොවැම්බර් 17 වැනිදා කෝල්ට්ස් සහ බී.ආර්.සී ක්‍රීඩාංගන වලදී පැවැත්වෙයි. තරඟාවලියේ අවසන් තරඟය නොවැම්බර් 18 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ මධ්‍යයේ පැවැත්වේ. ඒ විදුලි ආලෝකය මධ්‍යයේ වේ. තරඟාවලියේ නිල සුරතලා හදුන්වා දීමත් තරඟ කාලසටහන ප්‍රසිද්ධ කිරීමත් තරඟාවලිය හදුන්වා දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සිදු කෙරිණ. අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන මෙන්ම රෝයි ඩයස්, නුවන් සොයිසා ඇතුළුව ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් රැසක් එම අවස්ථාවට එක් වූහ. තරඟාවලිය සංවිධානය කරන්නේ Sportonix ආයතනයයි.

RSL

Related Posts