මාස ගණනාවක් පුරා “තෙල් මිල සූත්‍රය” යැයි පවසමින් එය තමන්වත් නොදන්නවා කියූ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ(18) මෙන්න තෙල් මිල සූත්‍රය’යැයි පවසමින් සරල සංඛ්‍යා එකතුවකට ඉංග්‍රීසි අකුරු කිහිපයක් ආදේශ කළ එකතුවක් “සූත්‍රයක්” යැයි පවසමින් මාධ්‍ය ඉදිරියේ දිගහැරියේය.
මෙය ඇමති මංගලගේ ගණිත දැනුමේ ප්‍රමාණය පෙන්වීමේ කදිම නිදසුනක් වූ අතර මෙපමණ කල් මෙවැනි සරල සමීකරණයක් තේරුම් ගැනීමට තරම් වත් ඇමති මංගල සමරවීරගේ දැනුමේ මදතාවය ඇමතිකමටත් එහා ගිය ගැටලුවකි.
ගණිතයට අනුව සුත්‍රයක් යනු සම්බන්ධතාවය පිළිබඳ නීතියක් සඳහන් කරන සමීකරණයක් වන අතර සමීකරණයක් යනු සංඛ්‍යාත්මක හෝ විචල්‍යය ප්‍රකාශයන් දෙකක් අතර සමාන ලකුණක් තැබීමෙන් ප්‍රකාශිත ප්‍රකාශයක්ය.
එහෙත් මංගලගේ මෙම සූත්‍රයෙන් එවැන්නක් ප්‍රකාශ නොවේ. අපට හැගී යන පරිදි සැබැවින්ම සිදුව ඇත්තේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත ප්රෙට්රල් සඳහා සියයට 34කට අධික බදු පැනවීමත්, රුපියලේ බාල්දු වීම මත සිදුවන ආර්ථික කඩා වැටීමත් වසාගැනීමට ක්‍රියාකරන රජයට එය ගැලපෙන ගණනයක් නිර්මාණය කොට එළි දැක්වීමයි. එසේ නොමැතිනම් මංගල කියන මෙම ‘තෙල් මිල සුත්‍රය’ එළි දැක්වීමට පෙතරම් කාලය තටමමින් සිටීනමට අවශ්‍ය නැත.
සත්‍යවශයෙන්ම මංගලගේ මෙම තෙ මිල සූත්‍රය විහිලුවකි. තෙල් මිල තීරණය කිරීම සඳහා මෙතරම් දැඟලීමට අවශ්‍ය නැත. තෙල් මිලදී ගනු ලබන්නේ කීයද, ඒවා විකුණනු ලබන්නේ කීයද, ඒවායේ පරතරය කීයද යන්න සරල ගණනය කිරීමකට යටත්ව මෙය සිදුකළ හැක. ඒත් මංගලටවත් නොතේරුණුනු මංගලගේ මෙම සූත්‍ර ගැටය තුල ඇත්තේ ඔවුන්ගේ යටි මඩි ගැසීම් හා බදු ගැසීම් බව මෙය විශ්ලේෂණය කිරීමෙන් පෙනේ.
මහත් පරිශ්‍රමයක් දරා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ධාරණය කරගත් මිල සූත්‍රය එළි දැක්වේ උත්සවය පහත දැක්වේ.