මාකඳුරේ මධුෂ් නම් අපරාධකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට ඩුබායි රජයෙන් සහතිකයක්

Spread the love

පාතාල නායක මාකඳුරේ මධුෂ් නොහොත් මධුෂ් ලක්‍ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට නියෝජිතයන්ට සහතික වී ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමු වූ අරාබි එමීරයේ විදේශ ඇමැති අන්වර් බින් මොහොමඞ් ගාෂ් මහතා මධුෂ් පිටුවහල් කිරීම පිළිබඳව සහතික වී ඇත.

මධුෂ් ලංකාවට පිටුවහල් කිරීම සඳහා පැවැති සාකච්ඡාවට විදේශ ඇමැති මාරපන මහතා හා සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා පසුගිය සතියේ ඩුබායි බලා පිටත්ව ගියේය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විදේශ ඇමැතිවරයා ඩුබායි බලා පිටත්ව ගොස් තිබිණි. මධුෂ් ඩුබායි බලා ගොස් ඇත්තේ 2015 දී වන අතර ඒ අසංග වර්ණකුලසූරිය නමැති ව්‍යාජ නමකිනි. මධුෂ් ඩුබායි රාජ්‍යයේ වාසය කර ඇත්තේ නේවාසික වීසා මතය.

මධුෂ් විසින් සිදුකර ඇති මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක විස්තර ශ්‍රී ලංකා නියෝජිතයන් විසින් ඩුබායි බලධාරීන් වෙත ලබා දී ඇත.

-චතුර පමුණුව-

RSL

Related Posts