මෛත්‍රී-මහින්ද ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රීන්ට වැඩමුළුවක්
- RSL
- February 25, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Maithripala Sirisena, Opposition Leader Mahinda Rajapaksa, President Maithripala Sirisena, SLFP, SLPP, upfa
- 0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තවදුරටත් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සූදානම් කර ඇති බවයි.
මෙම වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත දැනටමත් ලිපි යොමුකර ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතර මාර්තු 8දා නුවර වෙළෙඳපොළ අසල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක්ද පැවැත්වේ.

