මහින්ද යළි පරණ සිංදුවක් කියයි

Spread the love

වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක් බැලීම සඳහා පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රාජපක්ෂ රෙජීමයට අයත් සහ අවශ්‍ය කළු සල්ලි කළමනාකරණය සහ සුදු කිරීමේ ජාවාරම් කටයුතු සිදුකරන ලද්දේ කුප්‍රකට ගාමිණී සෙනරත් විසින් බව ප්‍රසිද්ධ රහසකි.

RSL

Related Posts