ශ්‍රීපොජපෙ සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්දව තෝරාපත් කරගන්නවා (වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් හා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාද එක්වුණි.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීම පිළිබඳව මාධ්‍යෙව්දියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ අපේක්ෂකත්වය ලබා ගැනීමට තරම් වාසනාවක් තමන්ට නැති බවයි.

රටේ සංවර්ධනය වෙනුවෙන් හොඳ කළමණාකරනයක් කළ හැකි රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කළ හැකි නායකයෙකු ජනතාවගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලා මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා විය හැකිද යන්න මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ එසේ විය හැකියැයි තමන් විශ්වාස කරන බවත් නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ හිතේ තව පුද්ගලයින් සිටිය හැකි බවත්ය. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ කළමණාකරුවෙක් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බව තමන් විශ්වාස කරන බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts