රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද(24) බත්තරමුල්ල නෙලූම්මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.
පාස්කු දිනයේ සිදුවූ ත‍්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඇති ජන හඬට සවන් දී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇති බව පෙන්වා සුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
”ආයෙමත් ප‍්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියනදේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවම ආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්න අවශ්‍යයි” යැයිද ඒ මහතා සඳහන් කළේය.