වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති තවුදීත් ඡමාත් වෛද්‍යවරයා CIDභාරයට! තවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන

Spread the love

නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින තවුදිත් ඡමාත් ත්‍රස්තවාදී සංවිධානයට සමඟ සම්බන්ධකම් පැවැත්වූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24) පිළිගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

එසේම සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කර ඇත.

තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඒ අනුව ඊයේ (24) රාත්‍රී 10ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදී අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.

වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.

මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් කෙරෙමින් පවතින බව ද මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එ⁣රෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේ වන විට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටී නම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද සරත්  වීරබණ්ඩාර මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මොහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් 2015 මහමැතිවරණයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයෙක්ද විය.

RSL

Related Posts