කෝටි 13ක රජයේ දේපල කොල්ල කෑ මහින්දගේ කුප්‍රකට කපිතාන් බන්ධනාගාරයට

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජය‍ට‍ රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍යාමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (13) නියෝග කළාය.

මෙම සැකකරු මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කර එම කාලය තුළ රජයේ විවිධ කටයුතුවලට සම්බන්ධ වී අයථා මුදල් ගනුදෙනුවලටද සම්බන්ධව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

පෙරේදා (12) මෙම සැකකරු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්නකර පසුව ඊයේ (13) දිනයේද කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහි දී සැකකරුව ලබන 27වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ.

RSL

Related Posts