මැකො ආණ්ඩුවට එරෙහිව නඩුමඟට
- RSL
- March 31, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election Commission, Mahinda Deshapiya
- 0 Comments
අප්‍රේල් 05 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ.
පළාත් සභා 06ක ඡන්දය අගෝස්තු මාසයේදී හෝ පැවැත්වීමට අවශ්‍ය නම් අවම වශයෙන් අප්‍රේල් 05 වනදාට ප්‍රථම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා කථානායකවරයා වෙත යැවු ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම ස්වාධීන මැතිවරණ කොමිසමේ වගකීමත් බවත්, පළාත් සභා ඡන්දය මෙසේ දිගින් දිගටම කල්දැමීම තුළින් මෙරට ඡන්දදායකින්ට සිදුවන්නේ බලවත් අසාධාරණයක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය මහතා මෙමගින් සඳහන් කර ඇත.
මේ වන විට විසුරුවා ඇති පළාත් සභා හයට තවත් පළාත් සභා දෙකක් ඉදිරි දින කිහිපයේදී ඉක්වන බවත් ඒ අනුව ඒ අනුව මැතිවරණය පැවැත්විය යුතු පළාත් සභා සංඛ්‍යාව මුළු පළාත් සභා 9න් 8ක් දක්වා ඉහළ යන බවත් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් කථානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයින් දැනුවත් කර ඇතැයි ද වාර්තාවේ.

