මා ඝාතනයට කළ කුමන්ත්‍රණ රැසක් අනාවරණය වුණා – ඇමති මහින්ද අමරවීර

Spread the love

දේශපාලන මෙන්ම පුද්ගලික වශයෙන් ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් රැසක් අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පුද්ගල කණ්ඩායම් රැසක් වරින්අවස්ථාවන් කිහිපයකදී සිදුකළ මේ කුමන්ත්‍රණ සියල්ල දැන් හෙළිදරව් වී ඇතැයිද මහලේකම්වරයා කියයි.

මෙහි මුල්ම පියවර ඇරැඹුණේ තමන් මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩභාරගත් දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පිළීබඳ ඉහළ තක්සේරුවක් ලබා දුන් දින සිට බවද අමරවීර මහතා පෙන්වා දෙයි.

මෙය දරා ගැනීමට නොහැකිවූ තම පක්ෂයේත්,කුඩා දේශපාලන පක්ෂ දෙකක සහ තරුණ මන්ත්‍රිවරුන්ගෙන් ද සැදුම්ලත් කණ්ඩායමක් එදිනට පසු දිනක ප්‍රධාන දේශපාලඥයෙකුගේ නිවසකට රැස්වී තමන්ව දේශපාලන සහ පුද්ගලික වශයෙන් ඝාතනය කිරීමේ සැලසුම සකස් කළ බවට තමන්ට තොරතුරු ලැබුණු බව ද ඒ මහතා කියයි.

මෙහිදී එක් තරුණ මන්ත්‍රිවරයකු ‘ඇමැතිව සීන් එකෙන් අයින් කරලම දාමු’ දැයි යෝජනා කර ඇති අතර එයට එතැන සිටි පිරිසගෙන් බහුතරයගේ එකඟතාව හිමිනොවූ නිසා තම ජීවිතය අදවන තෙක් ආරක්ෂා වූ බවද මහලේකම්වරයා කියයි.

එයින් පසු එතැන සිටි පිරිස සැලසුම් කර ඇත්තේ ‘ෆේස් බුක් ‘හරහා මඩ ගැසීමේ වැඩපිළීවෙළක් බවත් ,හිටපු රජයේ ප්‍රබල දේශපාලඥයකුට සම්බන්ධ ,ඔවුන්ගේපඩියට වැඩ කරන කල්ලියක් ‘ෆේස් බුක් ‘ හරහා තමන්ට ඇති තරම් මඩ ගැසූ බවත් අමරවීර මහතා පවසයි.

මේ කණ්ඩායමේම සිටි එක්තරා මන්ත්‍රිවරයෙක් තමන්ට මේ බව රහසිගතව පැවසූ බවත් එහිදී මේ පිරිස සාකච්ඡා කර ඇත්තේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ගහන්න ඕනනම් මහින්ද අමරවීරට ගහන්න ඕනෑ යනුවෙන් බවද තමන්ට දැන ගන්නට ලැබුණු බවද අමරවීර මහතා කියයි.

මෙහි දෙවන වෑයම පසුගියදා මත්තල උද්ඝෝෂනය නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිස අරඹා ඇති බවද පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තු සන්ධාන ප්‍රධානීකුමාරසිංහ මහතාගේ අත්සනින් යුතු නිවේදනය තේරුම් ගත නොහැකි නීතිඥයින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසට නීති උපදෙස් ලබා දීම හාස්‍ය ජනක කරුණක් යැයිද කියයි.

මේ නිතිඥයා දිනූනඩුවක් නැතිතරම් යැයි කී මහලේකම්වරයා එම නීතිඥයා තමන්ට එරෙහිව කළ ප්‍රකාශයට විරුද්ධව අධිකරණය වෙත යන බවද අවධාරණය කරයි.මෙය අධිකරණයටද කළ අපහාසයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

(18) මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර එහිදී මාධ්‍ය වේදින් ඇසුවේ නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට ඇමැතිවරයා විරුද්ධද යන්නයි.

මා එයට කිසිසේත් විරුද්ධ නෑ.මේ කණ්ඩායම් සිරගෙවල්වල සිටිය යුතු යැයි මා කියන්නේ නෑත මේ අය උද්ඝෝෂනය කළ යුත්තේ පදනමක් ඇති දේවල්වලටයි. මත්තල වි‍දේශයකට විකුණන්න හදනවා කියලා ඔවුන්ම නිර්මාණය කර ගත් කතාවකට අහිංසක ජනතාව උසිගැන්වූවා. මට මේ රිමාන්ඩ් භාරයේ සිටින කෙනකුගේ මවක් කතා කරලා කිවිවා අනේ සර් මහින්ද අමරවීරත් මේ උද්ඝෝෂණයට එනවා කිව්ව නිසයි අපේ ළමයා යැවිවේ කියලා.මේ වගේ නොමග යැවීම් තමයි සිදුවෙලා තියෙන්නේ.රත්නපුර සෙවනගල වගේ පැතිවලිනුත් හම්බන්තොට උද්ඝෝෂනයට ඇවිත් තියෙනවා.මේ අය දන්නෙත් නැතුව ඇති හරියටම උද්ඝෝෂණය කෙරෙන්නේ ඇයි කියලා.

මාධ්‍යවේදියා-නාමල් රාජපක්ෂ ඔබත් එක්ක අමනාපද?

මහලේකම්වරයා -එය මා දන්නේ නෑ. නාමල්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් මා කළඋපකාර ගැන.

මාධ්‍යවේදියා-ඔබ ගැන කුමන්ත්‍රණය කළ අය ‘සීන් එකෙන් අයින් කරමු කියන තැන නාමල් රාජපක්ෂ හිටියාද?

මහලේකම්වරයා-එය කීවේ නම් ඔහු නොවේ.

මාධ්‍යවේදියා-ඔබ මේ ගැපෙැමිණිලි කලේ නැත්තේ ඇයි?

මහලේකම්වරයා-මට මේ තොරතුරු ලබා දුන් මන්ත්‍රිවරයා සාක්ෂි දෙන්න පැකිලුණා. මේ නිසා එය දිගින් දිගටම ගෙනියන්න මා උත්සහ කළේ නෑ.මම පරෙස්සම් වුණා.

අපේ රජය ජනතාවට අවැඩක් වන කිසිඳු පියවරක් ගන්නේ නෑ. එය ජනාධීපතිතුමා අවධාරණයෙන් කියා තිබෙනවා.මේ ගැන දැන දැනත් වැඩිපුරම කැගහන්නේ වැඩියෙන්ම දඟලන්නේ පසුගිය කාලයේ වැරැදි කළ අය.

ශ්‍රී ලංකා නිචහස් පක්ෂයේ අද ඉන්නේ තුන් කල් දකින නායකයෙක්. දෙවන පෙළ තෙවන පෙළ කණ්ඩායම් අද අපේ ජනාධිපතිතුමා පක්ෂය ඉදිරියට ගෙන යන්න සුදානම් කර තිබෙනවා.මටත් අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි.ඒ වගේම මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණුඩුවක් හදන්නයි. මට වෙනත් සිහින නැ.’යැයිද මෙහිදී අමරවීර මහතා පවසන ලදි.

RSL

Related Posts