මහින්ද තායිලන්තයේ යන්නේ, රැළිය මගහරින්න ද?
- RSL
- April 23, 2016
- පුවත් සහ වාර්තා
- Mahina Rajapaksa, news, reports
- 0 Comments
හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජී.එල්. පීරිස් සමඟින් අද තායිලන්තය බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා කෙරිණි. හදිසියේ මේ පිටත්වීම සංස්කෘතික උත්සවයකට සහභාගිවීමක් ලෙස සඳහන් කෙරුණ ද එහි සැඟවුණු වෙනත් දේශපාලන කාරණා ඇති බව එම ආරංචිමාර්ගය හෙළිකරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙම මැයි දිනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නට යන තත්වය යටතේ මෙම මැයි රැළිය වර්ජනය කරන්නට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් තායිලන්ත ගමන යොදාගත්තා දැ යි සැක මතුවේ.
හොඳ හොඳ සෙල්ලම්, මැයි රැළියෙන් පසුව බලාගන්නට හැකිවනු ඇත.
