අපි සමාජවාදය අතෑරියා.. ෆොන්සේකාත් ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා.. ඇයි අපෙන් විතරක් අහන්නේ… ලාල් අසයි..!

Spread the love

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මෙහෙයවූ කුලී මැර හමුදාවන් විසින් දිගින් දිගටම දියත් කළ මර්දනයට මුහුණ දීම සඳහා 88 – 89 කාලසීමාවේදී අරගල කරුවන්ට ට්‍රාන්ස්ෆෝමර් වලට ප්‍රහාර එල්ල කරමින් සතුරන්ගේ සැපයුම් අවහිර කරමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම‍ට සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එහි සම්පූර්ණ වගකීම එවකට පැවති එක්සත් ජාතික පක්ෂය භාරගත යුතු බවය.

එවකට කුලී මැරයින් රජයේ නිල නිවාස වී අලෙවි මණ්ඩලයේ ගබඩා ආදී ස්ථාන වල රැඳී සිටිමින් සිය මෙහෙයුම් දියත් කළ බවත් ආණ්ඩුවේ මර්දනකාරී පාලනය විවේචනය කල පිරිස් මරා දමමින් ගෙන ගිය කුරිරු පාලනයට සහ අදාළ මැර එම කණ්ඩායම් වලට මුහුණ දීම සඳහා අරගලකරුවන්ටද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

ප්‍රධාන වශයෙන්ම  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විසින් මර්ධනකාරී වැඩපිළිවෙලක් දියත් කළ බවද සඳහන් කළ කේල ඩී ලාල්කාන්ත මහතා සඳහන් කර ඇත්තේ ට්‍රාන්ස්ෆෝමර් වලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ තමන්ගෙන් ප්‍රශ්න කරනවා නම් එල්ටීටීඊ සංවිධානය සමඟ සටනේදී හමුදා විසින් ට්‍රාන්ස්ෆෝමර් විනාශ කර දැමීම පිළිබඳ සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රශ්න කළ යුතු බවය.

තම පියා පවා බණ්ඩාරනායක චින්තනය විශ්වාස කළ  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය වෙනුවන් කැපවුණු නිදහස් පාක්ෂිකයෙකු බව ද ලාල්කාන්ත මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Related Posts