ඩොලරය 400ට, 500ට නගිනවා.. දැන් මිල අඩුවන්නේ විකෘතියකින්.. නාමල් කියයි..!

Spread the love

මේ දිනවල ඩොලරය මිල අඩුවන්නේ ප්‍රකෘති තත්ත්වයක් යටතේ නොව ඩොලර් ණය ලබා ගැනීම හේතුවෙන් බව ජාතික ජන බලවේගය විධායක සභික සමස්ත ලංකා ගොවිජන සංවේදනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.

නමුත් කිසියම් මොහොතක එම ණය ගෙවීම ආරම්භ කළ වහාම ඩොලරය රුපියල් 400ට 500ටයාම නැවැත්විය නොහැකි බවත් හෙතෙම කියා සිටියි.

දැන් තිබෙන්නේ විකෘති තත්ත්වයක් බවත් සත්‍ය වශයෙන්ම ඩොලරයේ මිල පහළ යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුළ බවද හෙතෙම පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related Posts