ජනතාවට යහපාලනය වසකොට; කිරිඇල්ලට සහ පවුලට කිරි ඉතිරෙයි

Spread the love

වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ.

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2016 වසරේදී රුපියල් තුන්කෝටි හැටතුන්ලක්ෂයක් (36,302,345.00) වියදම් කර ඇතැයි පාර්ලිමේන්තුවේදීම අනාවරණය විය.

මෙය පාර්ලිමේන්තුවට පෙරේදා (04) ඉදිරිපත් කළ අතර, පෞද්ගලික පඩිනඩි,මුළු පුනරාවර්තන වියදම්,මූලධන වියදම් හා වෙනත් යන ශීර්ෂ යටතේ එම වියදම් දරා තිබේ. සභානායක ලේකම්වරයාගේ සහායට සිටින අතිරේක ලේකම්වරයෙකු ඇතුළු 28 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් සභානායක කාර්යාලයේ සේවය කරති.

මීට අමතරව කුප්‍රකට ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා ඔහුගේ පවුලේ අයවලුන් ඇතුළු සහචරයින් 50කට අධික පිරිසක්, ලේකම්වරු, සම්බන්ධීකරණ ලේකම්වරු ඇතුළු විවිධ තනතුරු ලබාදෙමින් පත්කරගෙන තිබෙන අතර ඔහුන් වෙනුවෙන් මසකට කෝටි ගණනක මහජන මුදල් පඩි වශයෙන් ගෙවන බවද වාර්තාවේ.

තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමාකිරීම වෙනුවෙන් එවක අප රණවිරුවන් රට වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද වදිද්දී ‘ඕනේ ගොනෙකුට පුළුවන් යුද්ධ කරන්න’ යැයි පක්කිලි කථා කිවේදීද වර්තමානයේ අමාත්‍යවරයෙකුව සිටින මෙම පුද්ගලයාය.

RSL

Related Posts