“මාධ්‍යවේදීන් යනු පෑන *** ගහගෙන ඉන්න අය යි!” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල
- RSL
- March 1, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Lakshman Kirialla, news, reports, United National Party
- 0 Comments
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රාථමික අධ්‍යාපනයක්වත් ලබා ඇත් දැ යි සැක හිතෙන තරම ය. තම එක ම සුදුසුකම කට වාචාලකම යැ යි බොහෝ විට පෙන්වා ඇති ලක්ෂ්මන් කිරිඇල්ල විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීම වෙනුවෙන් ලිපියක් නිකුත් කර තම තවත් නුසුදුසුකමක් පෙන්වා සිටියේ ය. ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැ යි කියන්නට තරම් සමාජ මතය බලවත් වෙද්දී එය සාධාරණීකරණය කරන්නට නිවේදන නිකුත් කරන්නට ගොස් හත් පොළේ ගාගෙන සිටි ජරාව දාහතර පොළක ගාගන්නට ඔහු සමත් විය.
ඒක පාර්ශ්වීය නොවී මේ සිදුවීම ගැන වාර්තා කිරීම සඳහා අධ්‍යාපන ඇමැති කිරිඇල්ලට දුරකතනයෙන් ඇමතූ අද පුවත්පතේ මාධ්‍යවේදියාට පහත් අන්දමින් බැන වැදී ඇතැයි වාර්තා වෙයි. ශිෂ්ට මිනිසෙක් තවත් මිනිසෙක් ඇමතීමේ දී භාවිතා නොකළ යුතු වර්ගයේ පහත් වචනයෙන් එම මාධ්‍යවේදියාව අමතා ඇති මේ ඇමැතියා මාධ්‍යවේදින් යනු පෑන පුකේ ගහගෙන ඉන්නා ජාතියක් යැ යි කියා ඇත. මේ ඇමතියාට අප මතක් කළ යුතු වන්නේ, එහෙම මාධ්‍යවේදීන්ද ඇති මුත් නොවන එවුන් ද ඇති බව මතක තබා ගන්නා ලෙස ය. ආණ්ඩු මාරු කරනු ලැබුවේ නුඹලාගේ ඔය වචාල කටවල්වලින් හැලූ වසුරු වදන්වලින් නොවන බවත් ඒ සඳහා මාධ්‍යවේදීන් ජීවිතයෙන් පවා වන්දි ගෙවා ඇති බවත් මතක් කළ යුතු ය.
මෙවැනි පහත් මිනිසෙක් අත ඇති අධ්‍යාපනයට දෙයියන්ගේ පිහිට ය.
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතියා වහා ධුරයෙන් ඉවත් කරන්නට රජයට බල කළ යුතු ය.!
