කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්

Spread the love

ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී  මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය.

කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද මහනාහිමිවරුන් හමුවේ පැවසු කථානායක කරු ජයසුරිය මහතා කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවය පල කළේයය.

තමන් බැහැදැකීමට පැමිනි කථානායකවරයාට ආශිර්වාද කල මහනාහිමිපාණන් වහන්සේලා සඳහන් කළේ දේශපාලනයෙන් තොරව රට ජාතිය වෙනුවෙන් කැපවුනු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් තුළ ඉමහත් විශ්වාසයක් පවතින බවයි.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කළේ,

“පසුගිය වසර පහ තුළ පමනක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.

මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද හෙතෙම පැවසීය.”

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කථානායකවරයා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්විය.

RSL

Related Posts