බැඳුම්කරයේ මහ මොළකරු අගමැති රනිල්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි – ජ.වි.පෙ

Spread the love

බැඳුම්කර මගඩියේ මහ මොළකරු එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට එරෙහිවත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඩුව අගමැතිවරයාගේ බෙල්ල ළගින් සුළං වැදෙන සේ පමණක්‌ ගොස්‌ ඇතැයි කී විජිත හේරත් මහතා වැරැදි කරුවන්ට දඩුවම් දීමේ කටයුත්තේ දී එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සදහන් කළේ ය.

කොමිෂන් වාර්තා පිළිබදව කිසිදු පැහැදීමක්‌ නොමැති රටක මෙවැනි නිර්දේශ කිරීම පැසසිය යුතු කරුණක්‌ බවත් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ වාර්තාව පමණක්‌ නොව වාර්තාව මත පදනම් වූ දඩුවම් ලබාදීම බවත් හෙතෙම පැවැසී ය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම තනතුර සදහා නිර්දේශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වුවත් එම පත්වීම ලබා දුන්නේ ජනාධිපතිවරයා බැවින් මෙම මහා මංකොල්ලයට ඔවුන් වගකිවයුතු යෑයි ද විජිත හේරත් මහතා කියා සිටියේ ය.

විජිත හේරත් මහතා එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවක දීය.

Loading...

RSL

Related Posts