මෙය ප.ප.වි.ජ.කු.පා.ම මහින්දගේ අවසන් මැතිවරණය වන ලකුණු

Spread the love

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙන බවත් එය තවමත් සුවවෙලා නොමැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. පසුගිය (03) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමිර පෙරෙරා සදහන් කළේ මේ මහින්ද රාජපක්ෂ ගහන අන්තිම ගේම බවයි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණියො ටිකක් බෙර ගහලා මහින්ද රාජපක්ෂව කැඳවාගෙන එන අයුරු දැකීමෙන් අපිට සිහිගැන්වුවා පසුගිය කාලෙ ඔහුට වැලඳී තිබුණු රජ වීමට තිබුණු දරුණු රෝගය. ඒක රාජ හීන මානයක්. ඒක තවමත් සුවවෙලා නැහැ.

එදා ජනවාරි 08 මේ රටේ ජනතාව මේ රාජ පවුල් වාදය, රාජාණ්ඩුවාදය ගෙදර යැව්වා. අපි දැක්කා ඒ වෙලාවේ මහින්දගේ ආවතේවකාරයෝ ටිකත් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කටයුතු කරන්නේ සහ ඔහු රකින්නේ පක්ෂයවත් පාක්ෂිකයන්වත් රටවත් නෙවෙයි. ඔහුට අවශ්‍ය තමන් සහ තමන්ගේ පවුල රැක ගන්න විතරයි.

අපි දැක්කා ඔවුන් සියලුදෙනාම සුගතදාස ක්‍රීඩාංගණයේදී සුදු වර්ණය සංකේතවත් කරගෙන සිටියා. ඒක නිකන් දේශපාලන මළගමක් වගේ. මේක තමයි මහින්ද රාජපක්ෂ ගහන අන්තිම ගේම.

මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙනවා. ඒ වගේම ඔහුගේ පුතුන්ට රගර් උන්මාදය තියෙනවා. අපි දැක්කා පසුගිය දවසක ඔවුන් රගර් තරගයක හැසුරුණු විදිය.

බලය නැතුව මේ විදියට හැසිරෙනවා නම් බලය තියෙනකොට කොහොම හැසිරෙන්න ඇද්ද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව පිළිබඳව විමර්ශනයක් කඩිනම් කළ යුතුයි. අධිකරණ ක්‍රියාවලියකට යටත් කරමින් තරාතිරම නොබලා ඒ වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුයි කියලා අපි කියනවා.

එය නීතිපතිට විතරක් භාර කරලා අවුරුදු ගණනාවක් ඇදී යෑමට නොදී මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි කියලා අපි කියනවා.

ඒ වගේම තමයි වැලිකඩ බන්ධනාගාරයේ 26 දෙනෙක් ඝාතනය කරපු සිදුවීමට කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ වාර්තාව පිටවුණා. ඒ කොමිසමේ වාර්තාව තියෙන්නේ අගමැතිවරයා ගාව. ඇයි ඒ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැත්තේ. ඇයි කඩිනම් පියවර නොගන්නේ කියලා අපි අහනවා. ජනාධිපතිවරයා කිව්වා කඩුව කාට වැනෙයිද කියලා දන්නේ නෑ කියලා. අපි කියනවා කඩුව වැනෙන්න ඕනි උස් පහත් පක්ෂ පාට භේදයකින් තොරව බව.එසේ වුවහොත් ජනවාරි 8 අපි බලාපොරොත්තු වුණු යුක්තිය හා සාධාරණත්වය ඉටුවෙයි කියලා අපි හිතනවා.

RSL

Related Posts