ජයලලිතා ජයරාම්ගේ අමන ප්‍රකාශ නැවත කරළියට!
- RSL
- April 25, 2016
- පුවත් සහ වාර්තා
- India, news, reports
- 0 Comments
තමිල්නාඩුවේ අන්ත දූෂිත මහඇමැතිනී, ආසියාවේ හැඟීම්බර පහත් දේශපාලනයේ ප්‍රතිරූපකයක් බඳු ජයලලිතා ජයරාම් තම කඨෝර හඬ අවදිකර ඇත. ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය සහ ඊළම ලබා දිය යුතු බවත්, එසේ කිරීමට තමන් ඉන්දීය ආණ්ඩුවට බල කරන බවත් පවසා තිබේ. මැය මේ ප්‍රකාශ කරමින් තමිල්නාඩු ගොබ්බ ඡන්දදායකයන්ට මෝඩ චූන් ලබා දෙන්නේ අද ඊයෙක සිට නොවේ. නමුත්, දිගින් දිගට ම මෙවැනි දේවල් සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට මෙරට රජය උත්සුක විය යුතු ය.
ද්විත්ව පුරවැසිභාවය හරහා අනාගතයේ ඡන්ද වැඩිකරගැනීමටත්, දැන් තිබෙන ඡන්ද ගොඩ වගා-දිගා කරගැනීමටත් ජයලලිතා කටයුතු කරන බව ස්ථිර ය. එසේ වුවත්, ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ කොලනියක් නොව ස්වාධීන රාජ්‍යයක් බව ඇයට කියන්නට රජය පසුබට නොවිය යුතු ය. ද්‍රවිඩ ජනයාගේ සාධාරණ ඉල්ලීම් ගැන කටයුතු කරන්නට මෙරටට ජයලලිතාගේ රෙකමාදාරු අවශ්‍ය නැති බව කියා සිටිය යුතු ය. එසේ ම එම ප්‍රකාශ හරහා විමල් වීරවංශලාට මෙරට ජාතිවාදය වපුරන්නට ද ඉඩ නොදිය යුතු ය.
