ජනබලය අස්සේ සිදු වුණු තිරිසන් වැඩක්!

Spread the love

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි.

ඊයේ(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනබලය කොළඹට රැළියට සහභාගී වු පිරිසිකට හඳුනානොගත් පිරිසක් විසින් වස දැමු කිරි පැකට්ටු ලබා දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රැළියට සහභාගී වු බඩගින් සිටි ජනතාවට එවැනි දෙයක් කිරීම දැඩි පිළිකුලෙන් හෙළාදකින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන් බව ද වාර්තා වෙයි.