Its a simple accident! කියූ චම්පිකට අබාධිත වූ සන්දීපගේ මව හැඬූ කඳුලින් කියූ දේ..(වීඩියෝ)

Spread the love

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය.

මේ අතර අනතුරට පත්ව මේ වන විට ආබාධිත තත්ත්වයෙන් සිටින සන්දීපගේ දෙමාපියන් අද දෙරණට සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

තම පුතු රිය අනතුරකට ලක්කිරිම සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සන්දීප් සම්පත්ගේ මව අද දෙරණට පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ, පාඨලී චම්පික මහතා පමණක් තම පුතා බැලීමට නොපැමිණි බවයි.

“පේන තෙක් මානයකවත් එයාගේ අනුකම්පාවක් තිබුණේ නෑ“ යනුවෙන් පැවසු ඇය මෙවැනි අනතුරක් සාමාන්‍ය දෙයක් ලෙස පැවසීම දරා ගත නොහැකි දුකක් බවත් පැවසීය.

අද වන විට වසර 4 ක් පුරා සිය පුතා සමඟ දුක් විඳින බවත් එවැනි සරල අනතුරක් යනුවෙන් පැවසීම මවකට කිසිසේත් දරා ගත නොහැකි බවත් ඇය සඳහන් කළේය.

වසර 4 ක් පුරා පාඨලී චම්පික මහතා සිය පුතා දැක නැති බැවින් මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඇතැයි ද පැවසු සන්දීප් ගේ මව මේ වන විට අගමැතිවරයා පිහිට වෙන බවත් පැවසීය.

ජනාධිපතිවරයා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කිසිවෙකු හිරේ යවා සතුටක් නොමැති බවත් දරුවා අසනීප ත්ත්වයෙන් සිටින දැකීම පුදුමාකාර දුකක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙය කිසිවිටෙකත් සරල අනතුරක් නොවන බවත් මෙවැනි ප්‍රකාශ නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවත් ඇය පැවසීය.

RSL

Related Posts