ස්වාධීන රූපවාහිනියට ලක්ෂ 25ක රාජපක්ෂ පොල්ලක්!
- RSL
- January 29, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
පසුගිය ජනාධිපතිවරණය සමයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ගෙවිය යුතු ව තිබුණු රුපියල් 2500000ක මුදලක් ගෙවා නොමැති බව බරපතළ වංචා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසම අනාවරණය කරගෙන ඇත.
ස්පෙල් සොලියුෂන් නම් ආයතනයක් හරහා ඒවා ප්‍රචාරය කර ඇති අතර ඒවා ගෙවිය යුතුව ඇත්තේ එම සමාගම යි. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නම් දැන්වීම් ප්‍රචාරණයට පෙර මුදල් ගෙවා අවසන් කළ යුතු වුව ද මෙහි දී හිටපු සභාපතිවරයා විසින් එම ක්‍රමවේදයට පිටින් මෙම දැන්වීම් ප්‍රචාරය කිරීමට නියෝග දී ඇති බව කොමිසම ඉදිරියේ අනාවරණය වී ඇත. කෙසේ වෙතත් වත්මන් පාලනාධිකාරය එම මුදල් අයකරගන්නට කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.