බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න සටන් කරන්න වෙලා- විමල් (Video)

Spread the love

දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“අපි ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ඔබතුමාට වුවමනාවක් තිබෙනවා නම් යූඑන්පිය නැති ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න අපේ සද්භාවයෙන් ඒ සඳහා සහයෝගය දක්වන බවට. එහිදී ජනාධිපතිතුමා කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහාත් අපි සහය දක්වන බව පැවසුවා. අපි ඒ සඳහා විපක්ෂයේ සිට කොන්දේසි සහිතව සහයෝගය දක්වන්නම් කියා පැවසුවා. නමුත් අපි දකින්නේ අපි ඒ සද් භාවයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගෙන තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා 18 ආණ්ඩුකම ව්‍යවස්ථාව ගෙන ඇවිත් ඒකාධිපති පාලනයක් ගෙන යන බව කට මැත දොඩපු සිවිල් සමාජ මහත්වරු උන්නැහේලාගේ ආශිර්වාදය මත ගෙනාපු 19 සංශෝධනයෙන් අගමැතිවරයාව පන්නන්න බැරි කරලා තිබෙනවා. අගමැතිව පන්නන්න පුළුවන් ද බැරිද කියල දැන් ජනාධිපති අහන්න හදනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ තරමට මේ රටේ පාලන තන්ත්‍රය ව්‍යාකූල කරල තිබෙනවා. ඒ නිසා අර සිවිල් සමාජ මහත්වරුන්ට මේවා පේන්නේ නෑ .

බල පෙරේතයෝ කවුද කියලා අද හොදටම පේනවා අගමැති පුටුව අත්හැරලා යන්න බැලුව අල්ලගෙන ඉන්න බල පෙරේතයා. අද ජනාධිපතිතුමාට පුළුවන්ද පාර්ලිමේන්තුව විසුරු වල මැතිවරණ එකට යන්න ඒ කිසි දෙයක් කරන්න බැහැ අද. රට දවසින් දවස අගාධයට යනවා”.

RSL

Related Posts