පිළිගත් හැඳුනුම්පතක් නැත්නම් ඡන්දය නෑ; සෙල්ෆි සෙල්ලම් බෑ
- RSL
- February 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election
- 0 Comments
ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථානයට යැමට පෙර හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යයෙන්ම රැගෙන යන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.
පිළිගත් හැඳුනුම්පතක් නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉඩ නොලැබෙන බව ද කොමිසම පවසයි.
ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියෑදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත (පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ) හෝ මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත ඡන්ද ප්‍රකාශ කිරීමට පෙර රාජකාරි නියුතු නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වෙයි.
එමෙන්ම ඡන්දපොළ භූමිය තුළ ජංගම දුරකථන භාවිත කිරීම, ඡායාරූප හෝ වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.

