හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන (Video)

Spread the love

හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය දා අගමැතිවරයා හමුවීමට යෑමෙන් ඒ බව සිතිය හැකි බව ද ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

අද(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

ඡන්දය වෙනුවෙන් මහජන මුදලින් සිල් රෙදි බෙදා මහජන මුදල් අපහරණය කොට වරද කරු වූ ලලිත් වීරතුංග මහතා සුද්දවන්තයෙක් ලෙස හැඳින්වීමට එම වංචාවට සම්බන්ධ වංචනික කණ්ඩායම් විසින්ම විශාල මෙහෙයුමක් දියත් කර ඇතැයි උන් වහන්සේ පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ,

ඉතිහාසය තුළ දූෂීතම ආණ්ඩුව පසුගිය කාලයේ පැවති බවත් අද වන විට ඔවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිරගත වීමට සිදුවු අය වෙනුවෙන් සමාජය තුළ අනුකම්පාවක් දිනා ගනිමින් නව මතවාදයක් ගොඩනැගීමටත් ඒ තුළින් නීතිය වෙනත් අතකට හැරවීමේත් උත්සහයක් ගනිමින් සිටිනවා.

වසර තුනක සිර දඬුවමක් හිමි වුවත් සති කිහිපයක් ගත වීමෙන් පසුව එම තීන්දුව වෙනස් විය හැකි බවට අද වන විට සමාජය තුළ බියක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවට තිබෙන චෝදනාවලින් නිදහස් වීමට මෙවැනි දේ තුළින් ඉඩ නොලැබෙන බවත්, බැඳුම්කර සිදුවීම වැනි අති දැවැන්ත වංචාවන්ට පිළිතුරක් ලබා දිය යුතු අතර තමන්ගේ කුණු මේ තුළින් වසා ගැනීමට වෙනත් පිරිසකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවද උන්වහන්සේ පැවසූහ.

RSL

Related Posts