High Heels පැළඳීමට කැමතිද ? මෙන්න ඔබට උත්සාහ කළ හැකි සියල්ල

Spread the love

High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට වටිනා ඉගි කිහිපයක් ලබාදීමට අපි තීරණය කළා.

Stilettos

කෙටි සාය හෝ ගවුම් වලින් සැරසිය හැකි, වැඩි වේලාවක් ගත නොවන සන්ධ්‍යා සහ රාත්‍රී සාද සදහා මේ පාවහන් සුදුසුය. Stilettos අවසානය දක්වා පටු වන අතර ඇඟිලි තුඩු දෙසට යොමු වේ. මෙම පාවහන් දිගු වේලාවක් පැළදීම එතරම් සුවපහසු නොවිය හැකි නමුත් එය ඔබව සුන්දර කරයි ! 

විලුඹ

Pumps

සාමාන්‍යයෙන් Stilettosවලට වඩා උසින් අඩුය. චලනයෙහි ස්ථායිතාව සමඟ අවශ්‍ය උස Pumps මඟින් ඔබට ලබා දේ. ඔබේ මනාපය අනුව peep-toes හෝ closed-toes වලින් තෝරන්න. එය ඔබගේ පළමු යුගලය නම්,  nude හෝ black  වර්ණයක් තෝරා ගන්න.

විලුඹ

Block Heels

ඔබට සැනසිල්ල අවශ්‍ය නම් Block Heels කදිම තෝරා ගැනීමකි. එහි අඩිය ස්ටයිලෙටෝස් වලට වඩා පුළුල් වන අතර ඔබේ ඉරියව්වට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි.  සෑම අවස්ථාවකම පරිපූර්ණ පෙනුමක් ඇති Block Heels යුගලයක් අයිති කර ගන්න!

විලුඹ

Platform Heels

Platform Heels ඔබේ එදිනෙදා පාවහන් යුවල නොවිය හැකි වුවත්, Platform Heels යනු වඩාත් සුව පහසු පාවහන් විලාසිතාවකි. මේවා බොහෝ දුරට දීර්ඝ කාලයක් පැළද සිටිය හැකිය. Platform Heels හි පළල ඒකාකාර බැවින් ඒවා වඩා හොඳ සමබරතාවයක් ලබා දෙයි.

විලුඹ

Kitten Heels

Kitten Heels අඩි උස සපත්තු පිළිකුල් කරන අය සඳහා හොඳ විකල්පයක් විය හැකිය. නැතහොත් උස අය සදහා පැහැදිලි විකල්පයකි. ඒවා ඉතා ඉහළ හෝ පටු නොවේ. තම උස ගැන කරදර වන කාන්තාවන්ට කදිම විලාසිතාවකි.

විලුඹ

Espadrilles

මේවා පැතලි හෝ සමහර විට අඩිය උස විලාසිතාවකි. සුවපහසුව සොයන අය සඳහා යෝග්‍ය වේ. 

විලුඹ

ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

Related Posts