ගෝඨා-භයෙන් බොරු භීතියක්! අත්අඩංගුවට ගන්නා බවට බොරු ප්‍රචාරයක්! (Exclusive)
- RSL
- November 22, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Gotabaya Rajapaksa, Rajapaksa regime
- 0 Comments
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සඳහන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට රාජපක්ෂ රෙජීමය විසින්ම සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
මෙය රාජපක්ෂ රෙජීමය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දේශපාලන සැලසුමක් මත උපක්‍රමිකව ප්‍රචාරය කරමින් සිටින බවට අප වෙත වාර්තාවේ.
මෙතෙක් අත් අඩංගුවට ගත් කිසිඳු රාජපක්ෂ රෙජීමයේ අයවලුන් සහ සහචරයින් ඇප මත නිදහස් කර ඇති අතර කිසිවෙකු අත් අඩංගුවේ පසු නොවෙති.

