උතුරේ රත්රන් මහින්ද විකිණුවා ද?
- RSL
- March 10, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
උතුරේ යුද ජයෙන් පසුව එහි තිබී අත්පත් කරගත් රත්රන්වලින් විශාල ප්රමාණයකට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකිව තිබෙන බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ බැංකුවලින් සහ වෙනත් ආකාරවලින් සොයාගත් රත්රන් කිලෝ සීයකට ආසන්න ප්රමාණයකින් මහබැංකුව වෙත බාර දී ඇත්තේ කිලෝ 40ක් පමණ අඩුවෙන් බව ද දැනගන්නට ඇත.
කෙසේ නමුත්, පසුගිය කාලයේ රාවය පුවත්පත ඍජුව ම වාර්තා කළේ රත්රන් විශාල ප්රමාණයක් මහින්ද රාජපක්ෂලා විසින් ජපන් සමාගමකට විකුණා ඇති බව යි. ඔවුන් ඒ සඳහා සාක්ෂි වශයෙන් එම ගනුදෙනුව සිදු කිරීමට අතරමැදියන් ලෙස සම්බන්ධ වූ අය විසින් සිය කොමිස් මුදල ඉල්ලා රාජපක්ෂ පවුල වෙත එවන ලද ලිපියක් පවා පළ කර තිබුණි.
කෙසේ නමුත් අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී තහවුරු කළේ, රත්රන් කිලෝ 40කට සිදු වූ දෙයක් ගැන තවමත් නොදන්නා බවත් ඒ ගැන පරික්ෂණ කරන බවත් ය.
