එට්කා කොහෙත් ම විශ්වාස නැත!

Spread the love

etca 2

ගෝලීය ධනවාදය මුලු ලොව මහත් අස්සක් මුල්ලක් නෑර ඉතිර පැතිර ඇති වකවානුවක කිසිදු රටකට නිදහස් වෙළඳාමට අනුගත නොවී පවතින්නට බැරි ය. ලොව සියලු රාජ්‍යයන් අර්ථ ක්‍රමයේ කුමන වෙනස්කම් මධ්‍යයේ වුව ද එකිනෙකා සමඟ විවිධ පන්නයේ ගිවිසුම් අත්සන් කර ගනිති. රටවල් අතර වන වෙළඳාම සඳහා කෙරෙන ගිවිසුම් ඒ අතරින් ප්‍රධානය. එවැනි ගිවිසුම්වලදී සෑම විටක ම පාහේ රටවල් දෙකට ම යම් බඳු වාසි සැලසෙයි. එසේ නොවන්නේ නම් එබඳු ගිවිසුම් යට වෙනත් කූට කුමන්ත්‍රණ ඇති බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් ඈත අතීතයට දිවයන අතර, මෑත කාලයේ 1998 දී අත්සන් කර 2000 දී බලාත්මක වූ නිදහස් වෙළඳ ගිවිසුම නිදසුනකට ගතහොත් ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ අවාසියකි. වසර 14 පසු විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉන්දියාවෙන් මෙරටට ඩොලර් මිලියන 4023ක භාණ්ඩ ආනයනය වෙත් දී මෙරටින් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 625ක ය. එයිට පසුව අත්සන් කරන්නට කැස කැවූ (CEPA) ගිවිසුම මගින් තවත් නිදහස් තත්වයක් දෙරට අතර නිර්මාණය කරන්නට සැරසුණ ද ජනතාව විසින් ගෙන ආ මාරාන්තික විරෝධය හමුවේ එය අත්සන් තබන්නට රජයට නොහැකි විය.

දැන් එම ගිවිසුම්වල ම දිගුවක් ලෙස එට්කා කරළියට පැමිණ පෙරළි කරයි. ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන ජනගහණය ලංකාවේ සමස්ත ජනගහණයටත් වඩා වැඩි ය. අධ්‍යාපන මට්ටම පහළ ය. උපාධිවල වටිනාකම හීන ය. එනමුත් අපට සාපේකෂව ඉන්දියාව දියුණු සහ ශක්තිමත් රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක් සමඟ ශක්තියෙන් අඩු දුබල රාජ්‍යයක් අත්සන් කරන ගිවිසුමක දී එම දුබල රාජ්‍යයට වන හොඳක් නැත. අනෙක් අතට ඉතිහාසය පුරා ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුම්වලින් අප රටට හොඳක් සිදු වී ඇත්තේ ද නැත.

එට්කා කොහෙත් ම විශ්වාස නැත!

RSL

Related Posts