ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!
- RSL
- February 17, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Bodu Bala Sena, news, reports
- 0 Comments
පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව යි.
මෙම සිදුවීමෙන් පසු බොදු බල සේනා හිමිවරුන් බොහෝ පිරිසක් කුපිතව උසාවිය අසල කලබල කළ අතර ඒ ගැන චෝදනා එල්ල වූ තවත් හිමිවරුන් දෙදෙනෙක් පොලිසියට භාර වී තිබුණි. මේ කලබලය සිදු වූ මුල් දින කිහිපය තුළ ඥානසාර හිමි වෙනුවෙන් ගිනි තියාගන්නට, බලෙන් රිමාන්ඩ් වෙන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූ අතර දැන් ඒ කිසිවෙක්ගේ හාහූවක් ඇසෙන්නේ නැත.
