“මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ? අපි හිතුවෙ මරල හරි ගනියි කියලා”

Spread the love

May3ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් පිටුව වෙත ඔහුගේ විරුද්ධවාදීන් පළ කරන කමෙන්ට්ස් වලින් බහුතරයක අදහස ඔහු මිය යාම හෝ කවුරුන් විසින් හෝ මරා දැමීම එම විරුද්ධවාදීන් බහුතරයකගේ අපේක්ෂාව බවයි. මෑතකාලීනව මෙම ප්‍රවණතාව ක්‍රමයෙන් වැඩි වන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි.

සැබැවින්ම තමන්ට විරුද්ධ දේශපාලන මතයක් දරන පුද්ගලයෙකුට මරණය ප්‍රාර්ථනා කිරීම කිසිසේත් ම ශිෂ්ට සම්පන්න නොවන ක්‍රියාවක් වුව ද තමන්ට විරුද්ධව නැගී සිටි බොහෝ ප්‍රතිවාදීන් මරා දැමූ හෝ අතුරුදන් කළ හෝ බිය වද්දා නිහඬ කළ නායකයෙකුගේ අනුගාමිකයන් වන ඔවුන්ගෙන් එවැනි හැසිරීම් පළ වීම පුදුමයක් ද නොවන්නේය.එම නායකයා සිය බලය වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කරනා බව ඔහුගේ අනුගාමිකයන් එකල සිතා සිටි අතර අද ද ඔවුන් සිටින්නේ “අපේ ආණ්ඩුවක් ආවම දෙන්නං බැටේ” මානසිකත්වයෙනි. ජනාධිපතිවරණයෙන් පරාජය වී පසුදා සිය ගමට ගිය හිටපු ජනාධිපතිවරයාගෙන්

” සර්.මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ? අපි නම් හිතුවෙ මරල හරි ගනියි කියලා”

යනුවෙන් ඔහුට ඡන්දය දුන් ජනතාව ප්‍රශ්න කළේ ඒ නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රටේ ජනාධිපතිවරයා බවට පත් නොවී එම තනතුර සහ ආණ්ඩු බලය යන දෙකම එජාපයට හිමි වුණා නම් ඡන්දයෙන් පසු ඉහළ ප්‍රචණ්ඩත්වයක් දකින්නට හැකිව තිබුණි.නමුත් එජාප පාක්ෂිකයින් හෝ වෙනත් රාජපක්ෂ විරෝධීන් මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ

“අනේ උඹ මැරෙන්නේ කවද්ද මූසලයා” “මෙච්චර හෙණ ගහනවා මූට එකක් වදින්නේ නෑ නේ” වැනි ප්‍රකාශ කර තිබෙනු මා දැක ඇත්තේ ඉතාම කලාතුරකිනි.

Gayan Chamudya Sapuge

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts